රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට පාර්ලිමේන්තුව සති දෙකකට අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) නිවේදනය කළේය.ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමට යොදාගත් ලේඛනයක් ඔහු ගේ අතින් උදුරා ගනිමින් විනය විරෝධීව කටයුතු කිරීම ඊට හේතුවේ.කථානායකවරයා පවසා ඇත්තේ ඊයේ සභාවේ සිදු වූ මෙම විනය වොරෝධී සිදුවීම තමන් බරපතළ ලෙස හෙළා දකින බවයි.