ඊයේ(02) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාව තුළ ෆේස් බුක්,වට්සැප්,වයිබර්,යූටිඋබ්,ඉන්ස්ටග්‍රෑම්,ට්විටර් ඇතුළු බහු සමාජ මාධ්‍ය වේදිකා අවහිර කර සීමා කර ඇතැයි යන්න නෙට්බ්ලොක්ස් සංවිධානය තහවුරු කරයි. ආර්ථික වර්තමානයේ රට පත් ව ඇති අර්බුදය සම්බන්ධයෙන් පුලුල්ව පැතිරී ඇති ජනතා විරෝධතාවලට එරෙහිව ඇඳිරි නීතිය පනවා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙය සිදුකර තිබේ.නෙට්බ්ලොක්ස් යනු ඩිජිටල් අයිතිවාසිකම්, සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල පාලනය යන ක්ෂේත්‍ර වල වැඩ කරන ගෝලීය අන්තර්ජාල නිරීක්ෂකයන් වෙති. ස්වාධීන සහ පක්ෂග්රාහී නොවන,නෙට්බ්ලොක්ස් සැමට විවෘත ඩිජිටල් අනාගතයක් සඳහා වෙහෙසෙන සංවිධානයකි..