අතීතයට බලපැවැත්වෙන පරිදි නීති ගෙනවිත් වත්මන් ආණ්ඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව එම විශ්‍රාමික මන්ත්‍රීවරු අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත. මේ සඳහා වන මූලික සාකච්ඡාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තු හිටපු විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණ තිබේ.අතීතයට බලපැවැත්වෙන පරිදි හිටපු පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩි අසාධාරණ බව එම හිටපු මන්ත්‍රීවරු පවසති. මේ වන වන විට විශ්‍රාම ගොස් ජීවතුන් අතර සිටින මන්ත්‍රීවරු සංඛ්‍යාව 250 කට අඩු පිරිසක් බැවින් ඔවුන් බොහෝ දෙනෙක් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන බැවින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් ඔවුන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපානු ඇති බව ද විශ්‍රාමික මන්ත්‍රීවරු පෙන්වා දෙති.එමෙන්ම පසුගිය සමයේ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් හරියාකාරව ඉටු කර ගත නොහැකි වූ වත්මන් ආණ්ඩුව තම ඉදිරි පැවැත්ම සඳහා “ගැලරිය පිනවීමේ”ක්‍රියාවක යෙදෙන බව ද ඔවුහු පෙන්වා දෙති.මේ අනුව එම තීරණයට එරෙහිව ඉදිරි සති දෙක තුළ අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව විශ්‍රාමික මන්ත්‍රී වරු පවසති.