අඩි දහස් ගණනක් ගැඹුරු ගුහාවක සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීමට කළ ත්‍රාසජනක මෙහෙයුමක්

the explorer pdf The explorer movie The explorer wikipedia the explorer meaning the explorer archetype the explorer ship

අඩි 4,000 ක් පමණ පොලොව යටට විහිදුණු ගැඹුරු ගුහාවක දින ගණනක් තිස්සේ රෝගාතුරව සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීම සඳහා කළ ත්‍රාසජනක මෙහෙයුමක් ගැන තුර්කියෙන් වාර්තා වෙයි. මාක් ඩිකී නැමැති මෙම ගවේෂකයා සිර වී සිටියේ ලෝකයේ ගැඹුරුම ගුහා සංකීර්ණයක් ලෙස සැලකෙන මොර්කා ගුහා සංකීර්ණයේ ය. අඩි 4,200 ක් ගැඹුරු මෙම ගුහාව තුළ ඩිකී සිර වී සිට ඇත්තේ අඩි 3,400 ක් පමණ ගැඹුරේ යි.

ඉතා පළපුරුදු ගුහා ගවේෂකයකු වන ඩිකී මෙයට ටික දිනකට පෙර මෙම ගුහා සංකීර්ණයට ඇතුල්ව තිබුණේ එය සිතියම්ගත කිරීමේ කටයුත්තක් සඳහා ය. ඔහු සමග තවත් කිහිප දෙනෙකු එහි ගොස් සිටි බව සඳහන් වේ. නමුත් ඔවුන් විශාල ගැටලුවකට මුහුණ දී තිබුණේ ඩිකී හදිසියේ අසනීප වීමත් සමග ය. 40 හැවිරිදි ඔහු බඩවැල් ආශ්‍රිත දරුණු ආබාධයකට ගොදුරු වී තිබූ බවත්, ලේ වමනය කරන්නට පටන්ගත් බවත් සඳහන් වේ. රෝගී තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙද්දී ඔහු කායිකව බෙහෙවින් දුර්වල වීමට පටන්ගෙන තිබිණි. ඒ නිසා ඩිකීට නැවත තනිවම ඉහළට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති විය. ඔහු ගුහාවෙන් පිටතට ගෙන ඒම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරන්නට සිදු වූයේ මෙම පසුබිම තුළ ය.

the explorer pdf The explorer movie The explorer wikipedia the explorer meaning the explorer archetype the explorer ship

තුර්කියේ ටෝරස් කඳු වැටියේ පිහිටා ඇති මොර්කා ගුහාව තුළ ඇත්තේ ඉතා අනතුරුදායක, බියජනක පිහිටීමක් බව සඳහන් වේ. එහි බොහෝ තැන්වල ඇත්තේ සම්පූර්ණයෙන්ම සිරස් අතට විහිදුණු ප්‍රපාත වැනි තැන් ය. තිරස් අතට විහිදුණු ස්ථාන පවා නිතර ජලයෙන් ද. මඩවලින් ද පිරී පවතියි. මේ නිසා මෙම ගුහාව තුළ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම අතිශයින් අභියෝගාත්මක කටයුත්තක් ලෙස සැලකේ.

මෙම මෙහෙයුමේ දී මුලින්ම ගුහාව තුළට ගොස් තිබුණේ වෛද්‍යවරයකු බව සඳහන් වේ. ඔහු හංගේරියානු ජාතික වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා ගුහාවට පිවිස තිබුණේ පසුගිය 3 වැනි දින යි. ඩිකී රෝගීව සිර වී සිටි ස්ථානය කරා ළඟා වූ ඔහු වහාම ඩිකීට මූලික ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළේය. ඩිකී ඉහළට ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහුගේ තත්ත්වය වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන ඒම අවශ්‍ය විය. ඩිකීට මෙහිදී රුධිරය පවා ලබා දීමට සිදුවූ බව වාර්තා වේ. ඔහු සෙමෙන් සෙමෙන් ගුහාවෙන් පිටතට ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණේ මෙම මූලික ප්‍රතිකාර හරහා ඩිකී යම් යහපත් මට්ටමකට ගෙන ඒමෙන් අනතුරුව ය.

ඔහු රැගෙන එන මාර්ගයේ විවිධ මට්ටම්වල ද වෛද්‍ය කඳවුරු පිහිටුවීමට ගලවා ගැනීමේ කණ්ඩායම පියවර ගෙන තිබිණි. ඒ, අතරමගදී ද ඔහුට වරින් වර වෛද්‍ය ප්‍රතිකාර දීමට අවශ්‍ය වූ බැවිනි. මෙම ගලවා ගැනීමේ කණ්ඩායමට 150 කට වැඩි පිරිසක් ඇතුළත් වූ බවත්, තුර්කිය, හංගේරියාව, ඉතාලිය, රුමේනියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවල විශේෂඥයන් එහි සිටි බවත් පැවසේ. ඩිකී රැගෙන විත් තිබුණේ ගිලන් මැස්සක (Stretcher) තබාගෙන ය. මේ නිසා ගුහා මාර්ගයේ ඇතැම් පටු ස්ථාන පුළුල් කරන්නට පවා සිදුව තිබිණි. ලොකුම අභියෝගය එල්ල වූයේ ගැඹුරු ප්‍රපාත වැනි තැන්වලින් ඔහු ගෙන ඒමේදී ය. එහි දී එම ප්‍රපාත හරහා බඳින ලද කඹවල ආධාරයෙන් ඩිකී ගෙන එන ආකාරය දැක්වෙන විඩියෝ දර්ශණ මාධ්‍ය තුළ පළ වී තිබිණි. සැබැවින්ම එය ලොමු දැහැගන්වන ත්‍රාසජනක මෙහෙයුමකි. මෙම මෙහෙයුම සැලකෙන්නේ පොලොව යට සිර වී සිටි කෙනෙකු ගලවා ගැනීම සඳහා මෑත කාලයේ ක්‍රියාත්මක කළ සංකීර්ණම සහ දුෂ්කරම මෙහෙයුමක් වශයෙනි.

the explorer pdf The explorer movie The explorer wikipedia the explorer meaning the explorer archetype the explorer ship

එම දුෂ්කර මෙහෙයුම අවසානයේ සඳුදා (11) මැදියම් රැයේ ඩිකී ගුහාවෙන් පිටතට ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම සමත් විය. ඒ වනවිට ඩිකීගේ තත්ත්වය බරපතල නොවුණත් ඔහු හෙලිකොප්ටරයක් මගින් රෝහලක් වෙත යැවීමට පියවර ගැනිණි. ඔහු ගුහාව තුළ රෝගීව සිටිය දී ඔහුගේ පෙම්වතිය වන ජෙසිකා වැන් ඕර්ඩ් ගුහාව තුළට බැස ඔහු අසළ රැඳී සිටි බව සඳහන් වේ. නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ වීමෙන් පසු ඇයට පිටතට පැමිණ තිබුණාය.

the explorer pdf The explorer movie The explorer wikipedia the explorer meaning the explorer archetype the explorer ship

ඩිකී ද තමාගේ අත්දැකීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. තමාට පණ පිටින් ගුහාවෙන් පිටතට ඒමට හැකියාවක් නොලැබෙනු ඇතැයි රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී සිතුණු බව ඔහු පවසා තිබේ. ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබුණේ අලුතෙන් රුධිරය ලබා දීමෙන් පසුව යි. ඩිකී ගලවා ගැනීමේ මෙහෙයුමට එක් වූ සියළු පාර්ශ්වවලට ස්තුතිය පළ කරමින් ඔහුගේ මව්පියන් වන ඩෙබී සහ ඇන්ඩි නිවේදනයක් නිකුත් කර තිබෙනු දැකිය හැකි විය. ‘අපේ පුතා මාක් ඩිකී ආරක්‍ෂිතව මොර්කා ගුහාවෙන් පිටතට ගෙන තිබීම අපට විශාල සැනසීමක් සහ සතුටක්’ ඔවුන් දෙදෙනා පවසා තිබිණි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්