මැතිසබයෙන් මුදල් කොමිසමට උපදෙස්

පළාත් සභා ක්‍රියාත්මක නොවන මෙම කාල සීමාවේදී එම සභාවලට දෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් කොමිෂන් සභාවට උපදෙස් දෙන ලදි.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වෙන් කර ඇතැයි මුදල් කොමිෂන් සභාව එම අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී ඇත.

පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එ බැවින් ඒවායේ දියුණුවට පවතින බාධාවන් හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීම මුදල් කොමිෂන් සභාව සතුව පවතින බවද සභාපතිවරයා පැවසීය.

කාලීන පුවත්