අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස  නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය.

මෙම ආයතනය ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව මෙම නියෝජිත කණ්ඩායම ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (යුනික් අයිඩෙන්ටිෆිකේෂන් ඔතෝරිටි ඔෆ් ඉන්දියා) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවකද නිරත විය.

කාලීන පුවත්