ඩයනා ගමගේ කංසා ගැන කියන්නේ බොරු

ඖෂධීය ශාඛයක් ලෙස කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කෙසේ වෙතත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉකුත් 05 වන දා පැවසුවේ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවකි.මෙහි දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඩයනා ගමගේ මහත්මිය රාජ්‍ය අමාත්‍යවරියක මිස කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස තමන් වගකීමක් බාරගනොගන්නා බවකි.

කාලීන පුවත්