මහින්ද ඇප මත මුදාහැරේ

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබෙි.

ඔහුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කළ බව සදහන්  වේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පසුගිය ජනවාරි 24 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

අනතුරුව සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

කාලීන පුවත්