ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හමුවේ සජිත් සමඟ සජබ මන්ත්‍රී වරු පිරිසක් සභා ගැබෙන් පිටවෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(07) ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වැඩි දෙනකු පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කර ඇති අතර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් සභාගර්භයේ රැඳී සිට ඇති බව වාර්තා වෙයි.පාර්ලිමේන්තුව ආරම්භයේදී සභා ගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමඟ එම මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත් සමග සභාගර්භයෙන් පිටවූහ.

කාලීන පුවත්