විදුලි සේවකයින් යළිත් විරෝධතාවයක

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ඒ, විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සියලුම සේවකයන් යළි සේවය පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමිනි.

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විරෝධතාව අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී ආරම්භ කළේය.

මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ලැබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

කාලීන පුවත්