උත්සව සමයේ අඩු ආදායම්ලාභී පවුලකට සහල් කිලෝ විස්සක්

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් ලබන උත්සව සමයේදී එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද( 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.එමෙන්ම මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා මෙහි දී කීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති වරයා මෙසේ ද කීය.” මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමටත් අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා”ජනාධිපති වරයා මේ අදහස් පළ කළේ අද නව පාර්ලිමේන්තු සැසිය අමතමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

කාලීන පුවත්