අපනයන ආර්ථිකයක් නැත්නම් අවුරුදු දහයකින් රට වැටෙනවා

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර දහයකින් ශ්‍රී ලංකාවට නැවත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර රට කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බවත් පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතු තුළින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම අරමුණ බවත් කීය. ජනාධිපති වරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ෙඑතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වෙමිනි.

කාලීන පුවත්