අපිත් ජනක රත්නායකගේ පැත්තට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා ලබන බදාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ‌මහතා අනාවරණය කරයි..මේ අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණු මන්ත්‍රීන් පිරිසක් මෙම ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොරැඳෙන බවට ලැබී ඇති තොරතුරු මත ඔවුනට එදින එම ඡන්ද විමසීමට එක් වීම අනිවාර්ය කොට ඇති බව දැන ගන්නට ඇත.

කාලීන පුවත්