අපේ රට බේරාගත් නායකයින් රැක ගැනීමේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි

අපේ රට බේරාගත් නායකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ මෙන් නිසි ක්‍රමවේදයක් මෙරට තුළ ද ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. මේ වන විට රටේ පවත්නා දූෂණ, වංචා වැළැක්වීම සඳහා ඉතාම ශක්තිමත් පනතක් ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති අතර අප්‍රේල් මාසයේ අවසන් වන විට එය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට හැකියාව පවතින බවත් නිර්දෝෂී පුද්ගලයින්ට හොරු කියා ප්‍රසිද්ධියේ චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිය ශක්තිමත් කළ යුතු බවත් සාගර කාරියවසම් මහතා පැවසීය.

කාලීන පුවත්