ඉන්ධන මිල පහළට

අද (29) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයන් රුපියල් 135කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින්, භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් මිල අඩු කිරීමට ද යෝජනා වී ඇතැයිද හෙතෙම පැවසීය.ඒ අනුව ඉන්ධන නව මිල ගණන් වන්නේ මෙසේය.ඔක්ටෙන් 92 පෙට්‍රල් – 340 ඔක්ටෙන් 92 පෙට්‍රල් – 375 සුදු ඩීසල් – 325සුපර් ඩීසල් – 465 භූමිතෙල් – 295 සිපෙට්කෝ මිල ගණන් අඩු කිරීමට සමාන්තරව ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල පහල දමා ඇත.

කාලීන පුවත්