අයවැය තෙවන වර කියවීමේ විවාදය අද

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වේ.

මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මේ අතර 2023 අයවැය දෙවන වර කියවීම ඊයේ (22) දිනයේ වැඩි ඡන්ද 37 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 121 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 84 ක් පමණයි.

කාලීන පුවත්