අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම හෙට සිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක්

ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ‘බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය’ (tax payer identification number TIN) ලබාගත යුතු බවත් එම අංකය ඔස්සේ බදු ගිණුම් විවෘත කළයුතු අය හඳුනාගැනීමට කටයුතු කෙරෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පැවැසීය.

යම් පුද්ගලයකුගේ වයස අවුරුදු 18 වුවත් ඔහුට බදු ගෙවීමට තරම් ආදායමක් තිබේ නම් අනිවාර්‌යෙන්ම බදු ගොනුවක් විවෘත කෙරෙන බවද ඔහු සදහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධානතම වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්වීමට හැකි බවද කොමසාරිස්වරයා පැවැසීය.

කාලීන පුවත්