අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වන බවත් ඔන්ලයින් ක්‍රමයට පමණක් මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. මේ වනවිට ලක්ෂ 16 කට අධික පිරිසක් අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන අතර හැඳුනුම්පත් නොමැතිවීම ඇතුළු ලියකියවිලිවල ගැටලු හේතුවෙන් තවත් ලක්ෂ තුනකට අධික පිරිසකට අස්වැසුම ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බව ද ඔහු පවසයි.

කාලීන පුවත්