ලෝක වනාන්තර දිනයේදීම අක්කර ගණනාවක ගස් කපා ගිනි තබා වනසයි

ලෝක වනාන්තර දිනයේ යෙදුන අද මිහින්තලේ, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක සියළුම ගස් කපා දමා ඒවා ගිනි තබා, මෙම රක්ෂිත කොටස වටා වැටක් ගසා එය අත්පත් කර ගනිමින් සිටි ව්‍යාපාරිකයකු, කම්කරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය හා විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පැටලීම සිදු කරන අවස්ථාවේදී අක්කර 1800 කින් පමණ සමන්විත රක්ෂිත වනයේ අක්කර දහයක පමණ කොටසක විශාල සහ කුඩා ප්‍රමාණයේ , ඖෂධීය ශාක ඇතුළු ගස් විශාල ප්‍රමාණයක් කපා දමා විනාශ කර ගිනි තබමින් සිටි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කාලීන පුවත්