ආගමික සිද්ධස්ථානවලට සූර්ය පැනල

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.

ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව ද එම අමාත්‍යංශය කීය.

කාලීන පුවත්