ඉදිරියේදී පාන් හිඟයක් ?

ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම රැකියා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.

මේ අතර සිල්ලර වෙළෙඳසැල්වල ද තිරිඟු පිටි හිඟයක් පවතින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් පාරිභෝගියකයන් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

දිවයිනේ ප්‍රදේශ රැසක සුපුරුදු පරිදි අදත් දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණි.

කාලීන පුවත්