ඉදිරි ආහාර අර්බුදය එතරම් දරුණු නැහැ

මෙවර යල කන්නයේ කුඹුරු අස්වැද්දීම මේ වනවිට අපේක්ෂා කළ මට්ටම පවා ඉක්මවා යමින් ඇති නිසා.ඉදිරියේ දී ඇතිවෙතැයි අපේක්ෂිත ආහාර අර්බුදයේ බලපෑම එතරම් දැඩි නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.එමෙන්ම වී වගාවට අමතර අතුරු බෝග වගාවන් කෙරෙහි ද මෙවර යල කන්නයේ ගොවීන් තුළ විශේෂ උනන්දුවක් පළ වී ඇති බව පවසන අමාත්‍ය වරයා නුදුරේ දී ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන යූරියා පොහොර තොග කෘෂි වගාවන්ට යෙදවීම මත එම අස්වනු වඩාත් සාර්ථක වනු ඇතැයි ද ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ලෝක ආහාර අර්බුදය හමුවේ එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වීම නතර කළ නොහැකි වන මුත් ලබන අගෝස්තු මාසයෙන් පසුව රට පුරා ආහාර හිඟ වන බවට පවතින අනුමාන කාල සීමාව ලබන වසරේ ජනවාරි දක්වා ඈතට යා හැකි බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

කාලීන පුවත්