බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක අටක ඩෙංගු අධි වසංගත අවදානමක්

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක අටක ඩෙංගු අධි වසංගත අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසයි .එය පාලනය කිරිම සදහා සියලු දෙනාගේ දායකත්වය අත්‍යවශ්‍ය බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි. ගත වූ දින 08 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් විසිහත්දහසකට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති අතර ඉන් 2417 හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එමෙන්ම ඉදිරි සති වල දී රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවිය හැකි බැවින් තම අවට පරිසරය පිරිසිදු කර ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සදහා ක්‍රියා කරන ලෙස ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්