ඉදිරි ජනපතිවරණයේ දී ජී.එල් ගේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. තමන්ට අමතරව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහාය දීමට එක්වන බව ද ජී.එල්. පීරිස් මහාචාර්යවරයා කියයි.. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක්ද සකසා ඇති බවද මහාචාර්යවරයා පවසයි. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවට පැමිණි පිරිසක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරමින් සිටී. නමුත් නිදහස ජනතා සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ කාටදැයි මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

කාලීන පුවත්