ඉන්දියාව යළි ලොකු ලූනු අපනයනයට;මෙරට මිලෙත් අඩු වීමක්?

පසුගිය දෙසැ­ම්බර් සිට ඉදිරි මාර්තු තෙක් අප­න­ය­නය නවතා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ලූනු නැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ. මේ අනුව නැව­තත් ඉන්දි­යානු ලොකු ලූනු මෙර­ටට ගෙන්වී­මට අව­ස්ථාව සැල­සෙන අතර ඒ අනුව මිල ගණන් ද පහළ යනු ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි. මුලින් සීමිත තොග ප්‍රමා­ණ­යක් ඉන්දි­යානු රජය විසින් විදේශ රට­වල් වෙත ද්විපා­ර්ශ්වික අර­මුණු කර ගනි­මින් අප­න­ය­නය කිරී­මට තීර­ණය කර ඇති අතර ලොකු ලූනු අප­න­ය­නය කිරීම නව­තා­ලී­මට ගෙන තිබූ තීර­ණය සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට තීර­ණය කර නොමැත. මේ අනුව ශ්‍රී ලංකාව හැරුණු විට බංග්ලා­දේ­ශය, මොරි­ෂස්, බහ­රේන්, බූටා­නය සහ නේපා­ලය යන රට­ව­ලට නැව­තත් ලොකු ලූනු තොග යැවී­මට නිය­මි­තය.ඉන්දි­යාව ලෝකයේ දෙවැනි විශා­ලම ලොකු ලූනු අප­න­ය­න­කරු ‍ය.

කාලීන පුවත්