කඩතොළු රැසක් මැද කොළඹ දී පැවැත්වෙන එ.ජා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව මෙවර පවත්වන්නේ අප රටේ වන අතර පෙබරවාරි 19 දින ආරම්භ වුණු එය ලබන 22 වැනිදා දක්වා පැවැත්වේ. එයට සහභාගී වනු පිණිස රටවල් 35ක නියෝජිතයන් පිරිසක් පැමිණ ඇති අතර රටවල් 35 ක කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නිලධාරීන් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. මෙයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වන අතර මෙහි සමාරම්භක සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. කොවිඩ් වසංගතයෙන් පසු සහ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය මැද, වැඩිම රාජ්‍ය නියෝජිතයන් ප්‍රමාණයක් සහභාගී වෙමින් පවත්වන සමුළුවක් ලෙස ද මෙය සුවිශේෂීය.

ලෝක මට්ටමින් ආහාර සහ කෘෂිකාර්මික ගැටලුවලට ඇති ගැටලුවලට මුහුණ දීම සඳහා ඇති කරගන්නා ලද ලොව ප්‍රථම අන්තර් රාජ්‍ය ආයතනය වූයේ මෙයයි. ඔවුන්ගේ කාර්යය වූයේ කෘෂිකර්මය සම්බන්ධ දත්ත එකතු කිරීම, සම්පාදනය කිරීම සහ බෙදාහැරීමය. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට ජාත්‍යන්තර කෘෂිකර්ම ආයතනය ද ඉතිරිව තිබුණේ නැත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (The Food and Agriculture Organization of the United Nations – FAO) අදින් වසර 78 කට පෙර, එනම් 1945 ඔක්තෝබර් 16 වැනිදා කැනඩාවේ කිව්බෙක් නගරයේ දී ආරම්භ කරන ලද අතර එහි මූලස්ථානය ඉතාලියේ රෝම නගරයේ පිහිටා තිබේ. එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ චීන ජාතික කු ඩොන්ග්‍යු වේ.

19 වැනි සියවසේ අගභාගයේ දී 20 වැනි සියවසේ මුල් භාගයේ දී ආහාර සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වූ සංවිධානයක් පිළිබඳ අදහස මුලින්ම පැන නැගිණි. ඒ සඳහා මුලික වී ක්‍රියා කළේ පෝලන්ත සම්භවයක් සහිත ඇමරිකානු කෘෂිවේදියකු සහ ක්‍රියාකාරිකයකු ද වූ ඩේවිඩ් ලුබින් ය. ජාත්‍යන්තර කෘෂිකර්ම ආයතනය (International Institute of Agriculture – IIA) බිහි කර ගැනීම සඳහා සමුළුවක් 1905 වසරේ මැයි – ජූනි සමයේ ඉතාලියේ රෝම නුවර දී, එවකට සිටි ඉතාලි රජු වූ තුන්වැනි වික්ටර් එම්මැනුවල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි. ලෝක මට්ටමින් ආහාර සහ කෘෂිකාර්මික ගැටලුවලට ඇති ගැටලුවලට මුහුණ දීම සඳහා ඇති කරගන්නා ලද ලොව ප්‍රථම අන්තර් රාජ්‍ය ආයතනය වූයේ මෙයයි. ඔවුන්ගේ කාර්යය වූයේ කෘෂිකර්මය සම්බන්ධ දත්ත එකතු කිරීම, සම්පාදනය කිරීම සහ බෙදාහැරීමය. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට ජාත්‍යන්තර කෘෂිකර්ම ආයතනය ද ඉතිරිව තිබුණේ නැත. 1943 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්, ආහාර සහ කෘෂිකර්මය සම්බන්ධ අන්තර් රාජ්‍ය සමුළුවක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතා කළ අතර පසුව 1945 ඔක්තෝබර් 16 වැනිදා කැනඩාවේ කිව්බෙක් නගරයේ දී පවත්වා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිහිටුවා ගැනුණි. මෙවැනි සංවිධානයක් බිහිකර ගැනීමේ අරමුණ වූයේ ලෝකයේ පවතින කුසගින්න පරාජය කොට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමය. මේ වන විට රටවල් 195 ක රාජ්‍ය නියෝජිතයන් පිරිසක් මෙහි සාමාජිකයන් ලෙස වැඩකටයුතු කරයි.

ආහාර සහ කෘෂිකර්මය සම්බන්ධයෙන් විශාලතම ගැටලුවලට මුහුණ දෙන්නේ තුන්වැනි ලෝකයේ පවතින දිළිඳු රටවල්ය. එබැවින් ඒ රටවල් තුළ මේ සංවිධානය වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් පසුගිය වසර 78 මුළුල්ලේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වශයෙන් මීට වඩා බොහෝ කාර්යයන් ප්‍රමාණයක් කළ හැකිව තිබූ බවට චෝදනා එල්ල වී තිබේ. ගෙවුණු වසර ගණනාව පුරා තුන්වැනි ලෝකයේ රටවල කෘෂිකර්මය නගා සිටුවන්නට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්නට මේ සංවිධානයෙන් සැලකිය යුතු තරමේ මෙහෙයක් ඉටු වී නොමැති බවට ද චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් අධික ආහාර ගැටලුවලට මුහුණ දී ඇති අප්‍රිකානු රටවල තවමත් පැහැදිලි ආහාර සුරක්ෂිතතාවක් තහවුරු වී නැති අතර ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නිතර දකින්නේ ආහාර සම්බන්ධව ඔවුන් සිදු කරන නොනවතින අරගලය පිළිබඳ තොරතුරුය.

ජාන වෙනස් කරන ලද ආහාර ලෝකයට හඳුන්වා දීමට ලෝකයේ පවතින්නේ ප්‍රධාන පෙලේ ආයතන හයක් පමණක් වන අතර කෘෂිකර්මය මාෆියාවක් බවට පත් කරගෙන සිටින ව්‍යාපාරික ගොවි සමාගම්වලට පමණක් මෙයින් ප්‍රතිලාභ ලැබෙන බවත් සෙසු ගොවීන් මේ හේතුව නිසා බැට කන බවටත් චෝදනා එල්ල වී තිබේ. මේ තත්ත්වය නිසි පරිදි අධීක්ෂණයක් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් සිදු නොවන බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මේ ගැටලුව නිසා මෙක්සිකෝවේ ස්වදේශික ජනවර්ග 60 ක් පමණ පීඩා විඳිමින් සිටිති.

ජාන තාක්ෂණයෙන් නිපදවන ආහාර පිළිබඳ ලෝකයේ කලක සිට කතිකාවක් පවතින අතර එයින් යහපත් ප්‍රතිලාභ ලෝකයේ රටවලට අත්කර දීමට මැදිහත් විය යුත්තේ ආහාර සුරක්ෂිතතාව සිය දෑතේ තබාගෙන සිටින එක්සත් ජාතීනගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වුව ද එවැන්නක් සිදු නොවන බව ලෝකයේ කෘෂිකර්මයට සම්බන්ධ රටරටවල ඇති ප්‍රාදේශීය සිවිල් සංවිධාන චෝදනා එල්ල කරති. අනෙක ජාන වෙනස් කරන ලද ආහාර ලෝකයට හඳුන්වා දීමට ලෝකයේ පවතින්නේ ප්‍රධාන පෙලේ ආයතන හයක් පමණක් වන අතර කෘෂිකර්මය මාෆියාවක් බවට පත් කරගෙන සිටින ව්‍යාපාරික ගොවි සමාගම්වලට පමණක් මෙයින් ප්‍රතිලාභ ලැබෙන බවත් සෙසු ගොවීන් මේ හේතුව නිසා බැට කන බවටත් චෝදනා එල්ල වී තිබේ. මේ තත්ත්වය නිසි පරිදි අධීක්ෂණයක් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් සිදු නොවන බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මේ ගැටලුව නිසා මෙක්සිකෝවේ ස්වදේශික ජනවර්ග 60 ක් පමණ පීඩා විඳිමින් සිටිති. ජානමය වශයෙන් නවීකරණය කරන ලද බීජ සම්බන්ධ ඒකාධිකාරයත් පේටන්ට් අයිතියත් පවතින්නේ ඉහත සඳහන් කළ සමාගම හය තුළ පමණි. ලෝක ආහාර බීජ වෙළඳපළෙන් 90% කට වඩා පාලනය කරන්නේ ඔවුන්ය. ඔවුන්ගේ ඒකාධිකාරය බිඳ දමා දිළිඳු රටවලට ක්‍රමවත් ලෙස බීජ සපයා දීමට ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තවමත් අපොහොසත් වී තිබේ. තත්ත්වය මෙසේ නම් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිද යන ගැටලුව පැන නගී. ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධානයක් පැවතිය ද එය ජනතාව වෙනුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරිව තිබේ.

එක්සත් ජාතීන්ගේ යැයි කියා ගත් පමණින් ඒ බොහෝ සංවිධානවල විනිවිදභාවයක්, සාධාරණත්වයක්, අපක්ෂපාතීත්වයක් නොපවතින බවය. ඒ බොහොමයක් එහි පාලනාධිකාරයේ අභිමතය පරිදි කටයුතු කරනවා මිසෙක ලෝකය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම කෙරෙහි ප්‍රමුඛත්වයකින් වැඩකටයුතු නොකරන බව පෙනේ.

අනෙක එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සම්බන්ධව එල්ල වී ඇති වෙනත් චෝදනාවන් ද බොහෝය. 1974 වසරේ පැවැත් වූ මෙහි එක් සමුළුවක දී යෝජනා වුණු පරිදි මේ යටතේ ‘ලෝක ආහාර කවුන්සිලය’ (World Food Council) සහ ‘කෘෂිකර්මය සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල’ (International Fund for Agricultural Development) යන ආයතන දෙක පිහිටුවනු ලැබිණි. කෙසේ නමුත් මේ ආයතන දෙක තවමත් සිදු කරමින් පවතින්නේ ඔවුන්ට පැවරී ඇති වගකීම් ඉටු කරනවාට වඩා ඒ ආයතන දෙක අතර පවතින ‘මුදුනා’ වීමේ අරමුණ ඉටුකර ගැනීම පමණක් යැයි ද චෝදනා එල්ල වී තිබේ.

අනෙක අධික ලෙස දේශපාලනීකරණය වී තිබේය යන්න මෙය එල්ල වී ඇති තවත් චෝදනාවකි. එමෙන්ම මෙහි නව අධ්‍යක්ෂවරයා චීන ජාතිකයකු වීම නිසා එහි වැඩකටයුතු බොහොමයක් චීනයට වාසි සහගත වන අන්දමින් සිදුවන බව මෙයට එල්ල වී ඇති තවත් චෝදනාවකි. චීනයේ කෘෂිකර්ම සමාගම් මගින් නිෂ්පාදනය කරනු ලබන නමුත් යුරෝපය තුළ අනුමත වී නොමැති කෘෂි රසායන වර්ග, පොහොර වර්ග එම රටවලට බෙදා හරින බවට ද තොරතුරු හෙළි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ තවත් සමුළුවක් අප රටේ පවත්වන්නට කටයුතු යොදා ඇත්තේ මෙවැනි වටපිටාවක් තුළය. ඉහත සඳහන් කළ කාරණාවලින් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ යැයි කියා ගත් පමණින් ඒ බොහෝ සංවිධානවල විනිවිදභාවයක්, සාධාරණත්වයක්, අපක්ෂපාතීත්වයක් නොපවතින බවය. ඒ බොහොමයක් එහි පාලනාධිකාරයේ අභිමතය පරිදි කටයුතු කරනවා මිසෙක ලෝකය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම කෙරෙහි ප්‍රමුඛත්වයකින් වැඩකටයුතු නොකරන බව පෙනේ. විශේෂයෙන් අනාගත ලෝකය හමුවේ පවතින ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුව මෙවැනි තත්ත්වයක් යටතේ සැබෑ විසඳුමක් දක්වා ගමන් කරන්නේ ද යන සැකය අප හමුවේ ඉතිරි වෙයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර