මානව දියුණුවේ තවත් සන්ධි ස්ථානයක්;සුනඛයන්ටත් ගුවන් යානා ආසන පහසුකම්

සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන පුවතක් පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවි කිහිපයකම දක්නට ලැබිණි. ඒ සුනඛයන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳවය. සුනඛයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා බෑග් නිෂ්පාදනය කරන බාර්ක් නම් ජාත්‍යන්තර සමාගම මගින් දියත් කරන්නට බලාපොරොත්තු වන මේ සේවාව ලබන මැයි 23 වැනිදා ආරම්භ කරන්නට නියමිතව ඇති බව වාර්තා වේ.

දියුණුව යැයි බොහෝ දෙනෙකු සිතන්නේ භෞතික දියුණුවය. දියුණුව යනු හුදෙක් භෞතිකව පමණක් සිදුවන දෙයක් යැයි සිතන්නේ නම් එතැන ඇත්තේ වැරදි වටහා ගැනීමකි. සැබෑ දියුණුව වශයෙන් අර්ථ දැක්විය හැක්කේ මානව දියුණුවය. සාමාන්‍යයෙන් අප අතර පැවති සාම්ප්‍රදායික අදහස වූයේ මෙය මිනිසාට පමණක් හිමි ලෝකයක් ලෙසිනි. නමුත් මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද මේ ලෝකයේ හිමිකමක් පවතින බවට මතයක් මේ වන විට ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බැව් කිව යුතුය.

මේ ප්‍රවෘත්තිය දකින යමෙක් තුළ එකවර සිනහවක් හෝ අවඥා සහගත හැඟීමක් ඇති වන්නට වුව ඉඩ තිබේ. ලෝකය දිනෙන් දින දියුණු වෙද්දී මිනිසා වෙනුවෙන් තව තවත් සුවපහසුව ඇති කරනු විනා සතුන් වෙනුවෙන් මේ සා වියදම් කරන්නේ මන්දැයි සිතෙන්නට ඉඩ තිබේ. කෙසේ නමුත් දියුණුව යැයි බොහෝ දෙනෙකු සිතන්නේ භෞතික දියුණුවය. දියුණුව යනු හුදෙක් භෞතිකව පමණක් සිදුවන දෙයක් යැයි සිතන්නේ නම් එතැන ඇත්තේ වැරදි වටහා ගැනීමකි. සැබෑ දියුණුව වශයෙන් අර්ථ දැක්විය හැක්කේ මානව දියුණුවය. සාමාන්‍යයෙන් අප අතර පැවති සාම්ප්‍රදායික අදහස වූයේ මෙය මිනිසාට පමණක් හිමි ලෝකයක් ලෙසිනි. නමුත් මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද මේ ලෝකයේ හිමිකමක් පවතින බවට මතයක් මේ වන විට ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බැව් කිව යුතුය. සුනඛයන් වෙනුවෙන් විශේෂ වූ ගුවන් සේවයක් ආරම්භ කරන්නට ඉහත කී සමාගමට අදහසක් පහළ වන්නට ඇත්තේ ද මේ ආකල්පමය වෙනස නිසාම විය හැකිය. සාමාන්‍යයෙන් දිනකට ගුවන් මගින් දහස් ගණනක් සතුන් ප්‍රවාහනය වන නමුත් එය සිදු කරන්නේ ඔවුන ද හුදෙක් භාණ්ඩයක් සේ සළකමිනි. ඔවුනට මගීන් සිටින ප්‍රදේශයෙන් හිඳින්නට අවසරයක් ලැබෙන්නේ නැත. නමුත් මේ නව ගුවන් සේවයේ ද සුනඛයන්ට සාමාන්‍ය මගීන් මෙන් සලකා කටයුතු කිරීම විශේෂිත දෙයකි.

බාර්ක් එයාර් සමගාම විසින් මේ සියලු ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ ව්‍යාපාරික පන්තිය සඳහා වෙන් වූ Gulfstream G5 හෝ ඊට සමාන ජෙට් ගුවන් යානා වන අතර ටැල්කොන් එයාර් සමාගම විසින් මේ ගුවන් යානා ලබා දීම සිදු කරනු ලබයි. එකවර සුනඛයන් 10 දෙනෙකුට සහ ඔවුන්ගේ හිමිකරුවන් 10 දෙනාට සරිලන පරිදි මේ ගුවන් යානා සකස් කරනු ලැබ තිබේ.

සතිපතා සිදු කරන්නට නියමිත මේ ගුවන් සේවය ලබන මැයි 23 වැනිදා මුලින් ම ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සිට සැතපුම් 30 ක් පමණ උතුරින් පිහිටි වෙස්ට්චෙස්ටර් ප්‍රාදේශීය ගුවන්තොටුපොළ සහ ලොස් ඇන්ජලිස් ආසන්නයේ පිහිටි වෑන් නුයිස් ගුවන්තොටුපොළ අතරය. එමෙන්ම වෙස්ට්චෙස්ටර් ගුවන්තොටුපොළේ සිට ලන්ඩනයේ ස්ටෑන්ස්ටෙඩ් ගුවන්තොටුපොළ දක්වා මසකට දෙවරක් ගුවන් ගමන් ද සැලසුම් කොට තිබේ. මේ සියලු ගුවන් ගමන් කටයුතු සිදුවන්නේ පෞද්ගලික පර්යන්ත හරහා වේ.

බාර්ක් එයාර් සමගාම විසින් මේ සියලු ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ ව්‍යාපාරික පන්තිය සඳහා වෙන් වූ Gulfstream G5 හෝ ඊට සමාන ජෙට් ගුවන් යානා වන අතර ටැල්කොන් එයාර් සමාගම විසින් මේ ගුවන් යානා ලබා දීම සිදු කරනු ලබයි. එකවර සුනඛයන් 10 දෙනෙකුට සහ ඔවුන්ගේ හිමිකරුවන් 10 දෙනාට සරිලන පරිදි මේ ගුවන් යානා සකස් කරනු ලැබ තිබේ. ගුවන් යානය එසැවීමේ දී සහ ගොඩබෑමේ දී සුනඛයා සිය හිමිකරුවාගේ උකුල මත සිටීම හෝ බැඳ තැබීම හෝ අනිවාර්ය වේ. මේ අවස්ථා දෙක අතර කාලයේ සුනඛයන්ට රිසි පරිදි ගුවන් යානයේ හැසිරීමට නිදහස් තිබේ. ඔවුන්ට විශාල ආසන මත හෝ සිය හිමිකරුවා සමග හෝ සිටිය හැකිය.

“සෙල්ලම් බඩු, බ්ලැන්කට් සහ සුනඛයන්ට මස් හෝ ඇට වර්ග සහිතව කෑමබීම සැපයෙන අතර ඔවුන්ට සැපයෙන බීම වර්ග ‘සුනඛ ෂැම්පේන්’ (doggie champagne) ලෙස නම් කොට තියෙනවා.” බාර්ක් එයාර් සමාගම එසේ පවසා සිටියි.

https://bark.co/ හෝ https://dogsflyfirst.com/ වෙබ් අඩවි මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකිය. කෙසේ නමුත් මේ ගුවන් ගමන කිසිසේත් ලාභදායී එකක් නොවන බව එකී සමාගම පවසා සිටියි. ඇමරිකා එක්සත් ජනපදය තුළ සැලසුම් කරනු ලැබ ඇති ගුවන්තොටුපොළ දෙක අතර එක් ගමන් වාරයක් සඳහා හිමිකරුට සහ ඔහුගේ සුනඛයාට ගුවන් ප්‍රවේශ පත්‍රයේ මිල ඇමරිකානු ඩොලර් 6,000 ක් (රු. ලක්ෂ 18 ක් පමණ) වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලන්ඩනය දක්වා වූ ගමන සඳහා එක් ගමන් වාරයකට ප්‍රවේශ පත්‍රයේ මිල ඇමරිකානු ඩොලර් 8,000 (රු. ලක්ෂ 24 ක් පමණ) වේ.

ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ පත්‍රයක් වෙන් කර ගැනීමේ දී සුනඛයාගේ ප්‍රමාණය, ආසාදනයන් තිබේ ද යන්න, සමාජශීලී ස්වභාවය, වැනි කරුණු විශේෂයෙන් ඉල්ලා සිටිනු ලබයි. ගුවන් තොටුපොළේ සිට සැතපුම් 30ක් අවට කලාපය තුළ සුනඛයාට සහ හිමිකරුවාට නොමිලේ කුළී රථ සේවාවක් ක්‍රියාත්මක වේ.

සුනඛයා සිය හිමිකරුවා සමග ගුවන් යානයට පැමිණිය යුතු අතර ඊට සම්බන්ධ තවත් අතිරේක සේවාවන් අවශ්‍ය නම් එය බාර්ක් එයාර් සමාගම විසින් සපයනු ලබයි. සුනඛයන්ගේ මළ මුත්‍ර දැමීමේ කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු ද සමාගම විසින් සිදු කරනු ලබයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://bark.co/ වෙබ් අඩවිය ඔස්සේ දැන ගත හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

එතෙර - මෙතෙර