ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් කිට්ටු වෙයි

ජාත්‍යන්තර ණය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට අසල්වැසියා ප්‍රථමයෙන් යන සංකල්පයට අනුව ඉන්දියාව අඛණ්ඩව සහය ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.එහි එක් අදියරක් ලෙස කල්මුණේ ප්‍රදේශයේ ජනතාවට වියලි සලාක බෙදාහැරිම සිදු කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ඉකුත්දා ඉන්දියාවේ පැවැති රයිසිනා සංවාදයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ද ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන සහයෝගය අගය කළේය.ඔහු පැවසුවේ අර්බුදවලින් මිදීමට උත්සහ දරමින් සිටින ශ්‍රී ලංකාවට අන්කවර රටකටත් වඩා සහය ලබාදුන්නේ ඉන්දියාව බවයි.මේ අතර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය වරයකු සේම ඉතිහාසඥ‍යකු ද වන ශ්‍රී ජවහල් ලාල් නේරු එවක පවසා ඇත්තේ ආගමික සංස්කෘතික සදාචාර ආදී අංශ කිහිපයකින් ඉන්දියාව ලංකාවේ මාතෘ දේශය ලෙස සැලකිය හැකි බව ය.

කාලීන පුවත්