ඉන්දිය අගමැති ලබන මාසයේ පලාලි ගුවන් තොටින් ලංකාවට

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සදහා ලබන මාසයේ යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවය වාර්තා කර තිබේ. ඉන්දීය ආධාර යටතේ යාපනයේ ඉදිකර ඇති සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අරමුණින් ඉන්දිය අගමැතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවය වාර්තා කර ඇත.. ඔහු කොළඹට පැමිණෙන්නේ එම උත්සවයෙන් අනතුරුවය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව ඉන්දිය අගමැතිවරයාගේ සංචාරය සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.ඉන්දිය අගමැති වරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ බිම්ස්ටෙක් සමුඵවට ද සහභාගිවීමට නියමිතය.

කාලීන පුවත්