ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් පහක්

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වය තව දුරටත් සවිමත් කර ගන්නා අතරේ දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත ය.පූනර්ජනනීය බලශක්තිය,දෙරට අතර මුහුද යටින් තෙල් නල හා විදුලිය කේබල් එලීමට ඉන්දියාව හා ඒකාබද්ධව ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීම ශ්‍රී ලංකාවට ඖෂධ සැපයුම් ලබා ගැනීමේ දී ඉන්දීය රජය මගින් සෘජුවම එය මිලදී ගැනීමට හා කිරි නිෂ්පාදනයට අදාලව දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිත ය.ජනාධිපතිවරයා ඉන්දීයාවට යාමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුර මෙම ගවිසුම් අත්සන් කරනු ඇතැයි වාර්තාවේ.මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර තවත් ඉන්දියානුවන් සැලකිය යුතු පිරිසක් නීත්‍යානුකූල නොවන ලෙස මෙරට රැඳී සිටිමින් තාවකාලික කාර්මික හා කම්කරු රැකියාවල නියුතු වන බවට ද තොරතුරු ලැබී තිබේ.

කාලීන පුවත්