ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් බෑගය පිළිබඳ විමර්ශන නවතී

ඇමරිකාවේ ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් මත් ද්‍රව්‍ය සහිත බෑගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කොකේන් අඩංගු බෑගයේ ඇඟිලි සලකුණු හෝ ඩී.එන්.ඒ කිසිවක් හමු නොවූ බැවින් සැකකරුවෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ නොහැකි බැවින් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර තිබේ.අදාළ බෑගය ධවල මන්දිරයේ සීසීටීවීවලට හසු නොවන කලාපයක තීබී සොයා ගත් බව ද රහස් ඔත්තු සේවයේ වාර්තාවල දැක්වෙන අතර මෙය එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරීත්වය විමසුමට ලක් කිරීමට යම් පාර්ශවයක් දැරූ බුද්ධිමය වෑයමක් ලෙස ද සමහරෙක් සඳහන් කරති.

 

කාලීන පුවත්