ඉන්ධන මිල තවත් අඩු වෙලා බිත්තර හිඟයත් නැති වුණොත් සිංහල අවුරුද්දට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැති ව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා අනිවාර්යෙන්ම පාන්, කේක් ,ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මීට පෙර ඉන්ධන මිල වැඩි වුණු සහ අඩුවුණු අවස්ථා වලදී බේකරි නිෂ්පාදන වල මිල වැඩි හෝ අඩු නොකළ බව ප්‍රකාශ කළ ඒ මහතා බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බවත් කීය. එමෙන්ම බේකරි කර්මාන්තය සඳහා ඩීසල් ,පෙට්රල්, භූමිතෙල්, ගෑස් සහ දර යන ඉන්ධන උපයෝගී කර ගන්නා බව පැවසූ ජයවර්ධන මහතා දිනකට බේකරි වලට පමණක් බිත්තර ලක්ෂ හතළිහක් පමණ සහ ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද කීය.

කාලීන පුවත්