උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාව ආරක්ෂා කරගැනීම සඳහා කමිටුවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

මේ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් මෙම කමිටුව පත්කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීම සඳහාද උපදෙස් ලබාදෙනලදි.

එමෙන්ම උඩරට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

කාලීන පුවත්