උඩරට මැණිකේ රාගම දී පීලි පනී

අද (18) පස්වරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් අරඹා තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන තිබේ.ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.මේ වන විට දුම්රිය නැවත පීලි ගත කිරීම අරඹා ඇති අතර දුම්රිය මාර්ගයේ සිල්පර කොට සැලකිය යුතු ප්‍රමාණයකට හානි සිදුව තිබේ.දුම්රිය මඟීන් කිහිප දෙනෙකුට ද සුළු තුවාල සිදු වී ඇත.

කාලීන පුවත්