ආත්මා “පූල් එකට” දමා නිලධාරීහු ඇදගෙන නාති – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

පලාත් පාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා මහ අරුම පුදුම ඉල්ලීමක් කර ඇත.මෙය අරුම පුදුම ඉල්ලීමක්‍ යනුවෙන් මා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසම යම් කරුණක් පිළිබඳ තීරණයක් දුන් පසු එය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමේ ක්‍රමවේදයක් නැති නිසා ය.රාජ්‍ය සේවා කොමිසම ලබාදුන් තීරණයකින් අතෘප්තියට පත්වන පාර්ශවයකට එම තීරණයට විරුද්ධව අභියාචනයක් පරිපාලන අභියාචන විනිශ්චය සභාවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.රාජ්‍ය සේවයේ පරිහානිය කොතෙක්ද? යත් ඒ බව දන්නා ලේකම් ,අතිරේක ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් වරු ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නොමැති වීමෙන්ම පෙනේ. ඔය මට්ටමේ මේ ගැන දැනුමක් ඇති කවුරුන් හෝ හිටියා නම් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා දෙවැනි වරටත් රාජ්‍ය සේවා කොමිසම හමුවේ මෙසේ “පච වෙන්නේ” නැත.

මහනුවර,උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක් වශයෙන් “පූල් එකට” ඇද දැමීම හෙවත් පරිපාලන සේවා සංචිතයට මාරුකිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දීම රාජ්‍ය සේවා කොමිසම විසින් යළිත් ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර ද රාජ්‍ය සේවා කොමිසම ඇය ගේ මේ අනීතික ස්ථාන මාරුවට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.එසේ වුවද එම තීරණය යළිත් සලකා බලන ලෙසට රාජ්‍ය සේවා කොමිෂමෙන් රාජ්‍ය පරිපාලන පලාත් සභා පලාත් පාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා මහ අරුම පුදුම ඉල්ලීමක් කර ඇත.මෙය අරුම පුදුම ඉල්ලීමක්‍ යනුවෙන් මා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසම යම් කරුණක් පිළිබඳ තීරණයක් දුන් පසු එය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමේ ක්‍රමවේදයක් නැති නිසා ය.රාජ්‍ය සේවා කොමිසම ලබාදුන් තීරණයකින් අතෘප්තියට පත්වන පාර්ශවයකට එම තීරණයට විරුද්ධව අභියාචනයක් පරිපාලන අභියාචන විනිශ්චය සභාවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.රාජ්‍ය සේවයේ පරිහානිය කොතෙක්ද? යත් ඒ බව දන්නා ලේකම් ,අතිරේක ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් වරු ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නොමැති වීමෙන්ම පෙනේ. ඔය මට්ටමේ මේ ගැන දැනුමක් ඇති කවුරුන් හෝ හිටියා නම් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා දෙවැනි වරටත් රාජ්‍ය සේවා කොමිසම හමුවේ මෙසේ “පච වෙන්නේ” නැත.රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මේ විදිහට අමු අමුවේ පච වෙන විට රාජ්‍ය සේවයේ සිටින හා හිටපු කාටත් නිගරුවක්; ලැජ්ජාවක් ඇති වේ. මීට පෙර ද ඔය වගේම පච වීමකට ලක්වීමකට රාජ්‍ය පරිපාලන ලේකම් වරයකුට සිදු විය.ඒ පසුගිය පලාත් පලන ඡන්දයේ දී ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට චක්‍ර ලේඛනයකින් උපදෙස් දෙන්නට යාමෙනි.එදා ඒ ලේකම් වරයා කළ එම අතිශය භයානක වැරැද්ද පිළිබඳව දැඩි විවේචනයක් සිදු කිරීමට අපට සිදු විය.එසේ දැඩි විවේචනයක් සිදු කළේ ඊට පූර්වයෙන් පැවැත් වූ පලාත් පාලන ඡන්දයේ දී ස්වදේශ කටයුතු ලේකම් වරයා ලවා ඔය මාදිලියේම නියෝගයක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දෙන්නට එවක දේශපාලකයින් උත්සාහ කළ අන්දම පිළිබඳ අත්දැකීම අපට තිබුණු නිසා ය.වාසනාවට එවක ස්වදේශ ලේකම්වරයා පලාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස මුලින්ම දුරකථනයෙන් කිව්වේ එවක දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියෙකු වූ මට ය. මම එසැනෙන්ම ඒ නියමය ප්‍රතික්ෂේප කර ස්වදේශ කටයුතු ලේකම් වරයා මුණ ගැසී එම අනීතික තීරණය ට දැඩි විරෝධය දැක්වීමි.එපමණකින් නොනැවතුණු මම අනිකුත් තේරීම් භාර නිලධාරීන්ට ද ඔහුගේ එම අනීතික නියෝගය ලබා දීම වැලැක්වූයෙමි. එහෙත්, ඒ,වනවිටත් දේශපාලන අංශයකින් එම නියමය දිස්ත්‍රික් තේරීම්,භාර නිලධාරීන්ට සංනිවේදනය කර තිබූ බැවින් ලේකම්වරයා ද එක්කර ගෙන අදාල දේශපාලන බලධාරීන්ට කරුණු තේරුම් කර දී ඒ අනීතික නියමය වැලැක්වීමට අපට හැකි විය.එම ක්‍රියාව වලක්වාගැනීමට හැකිවීමෙන් තහවුරු වුණේ කරුණු නිවැරදිව පැහැදිලි කර දේශපාලඥයින් ගන්නා වැරදි තීන්දු ආපසු හැරවිය හැකි බවයි.එම ක්‍රියාවෙන් පෞද්ගලිකව මට රාජ්‍ය සේවයේ දී පාඩු සිදුවුණත් අප මිත්‍ර ලේකම් වරයාගේ වෘත්තීය සේම ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට සහය වීමටත් ,අනීතික දේශපාලන මැදිහත්වීමකින් මැතිවරණ ක්‍රියාවලිය බේරා ගැනීමටත් හැකි වීම ගැන දැනුදු මා තුළ ඇත්තේ සතුටකි.

රාජ්‍ය සේවා කොමිසමේ මේ තීරණයත් සමඟ තවදුරටත් කූට උපක්‍රම මගින් ආත්මා දිලුක්ෂි ජයරත්නව කුප්‍රකට සංචිතයේ හෙවත් “පූල් එකේම” තබා ගැනීමට උත්සාහ නොකර ඇයට ලබාදුන් අනීතික ස්ථාන මාරු ලිපිය ඉවත් කර ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වහා ක්‍රියා කළ යුතුව ඇත.එසේ සිදු නොකර වෙනත් “වංගු ගහන්නට” ගියහොත් යළි වරක් උපරිම “පච වීමකට” ලක්වන්නට ඔහුට සිදුවනු නියත ය.

ආත්මා දිලුක්ෂි ජයරත්නගේ අනීතික ස්ථාන මාරු සිද්ධියේ දී රාජ්‍ය සේවා කොමිසම කලින් ගත් නිවැරදි තීරණය “රිවස් කරවීමට” බොහෝ බලධාරීන්ට අවශ්‍යව තිබුණි.ඒ සඳහා ඔවුහු විවිධ කූටෝපායන් අනුගමනය කළහ.එසේ වුව ද මේ කාරණයේ දී රාජ්‍ය සේවා කොමසම නිවැරදි ස්ථාවරයක සිටිමින් කෙලින් තීරණ ගැනීම රාජ්‍ය සේවාවේ නිවැරදිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන සුභ පණිවුඩයක් ද වනු ඇත.එම නිසාම ඒ තීරණය පිළිබඳව නීති ගරුක පුරවැසියන් ලෙස අපගේ ස්තූතිය හා ගෞරවය රාජ්‍ය සේවා කොමිසමට පිරිනැමීමට කැමැත්තෙමු. වරද නිර්දය ලෙස විවේචනය කිරීමටත් හරිදේ අගය කිරීමටත් අපි මැලි නොවන්නෙමු.රාජ්‍ය සේවා කොමිසමේ මේ තීරණයත් සමඟ තවදුරටත් කූට උපක්‍රම මගින් ආත්මා දිලුක්ෂි ජයරත්නව කුප්‍රකට සංචිතයේ හෙවත් “පූල් එකේම” තබා ගැනීමට උත්සාහ නොකර ඇයට ලබාදුන් අනීතික ස්ථාන මාරු ලිපිය ඉවත් කර ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වහා ක්‍රියා කළ යුතුව ඇත.එසේ සිදු නොකර වෙනත් “වංගු ගහන්නට” ගියහොත් යළි වරක් උපරිම “පච වීමකට” ලක්වන්නට ඔහුට සිදුවනු නියත ය.එපමණක් ද නොවේ මේ කූට උත්සාහයන් නිසා රාජ්‍ය පරිපාලනය භාරව ක්‍රියා කරන ඉහළ බලවතුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ මහජනතාවගේ පිළිකුල ද ඉහළ නැංවෙනු ඇත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරන අනීතික හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ගෙන් ඒ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද ආණ්ඩුව ද පිරිහීමට ලක්වෙන බව සිල්ලර ලෙසම කිව හොත් කුජීත වන බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුවේ.

උඩ පලාත ප්‍රාදේශීය ලේකම් වරිය මුහුණ දී ඇති සිද්ධිය අප රටේ රාජ්‍ය පාලනය පවතින තත්වය පිළිබඳව තේරුම් ගැනීමට යොදා ගත හැකි කදිම දර්ශකයකි.එනිසා මෙය නිකම් අත හැර දමන්නට අපට නොපුළුවන.දැන ගන්නට ඇති තොරතුරු වලට අනුව රජයේම අමාත්‍යංශයක් වැඩිහිටියන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර දී ඇත.ප්‍රාදේශීය ලේකම් වරිය මේ ව්‍යාපෘතිය යටතේ වැඩිහිටි සුභ සාධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසමක ඇති රජයේ ඉඩමකින් කොටසක් වෙන් කර නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් කොන්ත්‍රාත් කරුවෙකු තෝරාගෙන වැඩ ආරම්භ කර ඇත.මේ ව්‍යාපෘතියට අදාල ඉඩම යොදා ගැනීම ගැන ප්‍රදේශයේ දේශපාලන බලවතා නොසතුටු වන්නේ ඒ ඉඩම සම්බන්ධයෙන් ඔහුගේ හෝ සමීප හෙංචයියෙකුගේ වෙනම සැලැස්මක් තිබුණු නිසා විය යුතු ය.මේ වැඩිහිටි මධ්‍යස්ථානය ඉදිකළොත් ඔවුනට තම සැලැස්මට ඉඩම යොදා ගත නොහැකි වේ.එවිට ඔවුන් කරන්නේ ඊට බාධා පැමිණවීම ය.මුලින්ම එය නතර කරන ලෙස ඉදිකිරීම් කරන අයට නියම කරන්නේ පොලිසිය මගිනි.පොලිසියේ මේ අනීතික මැදිහත්වීමට ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලෙකම් වරිය සෘජුවම එරෙහිවීම නිසා එය අසාර්ථක විය.ඉන්පසුව අදාල ගොඩනැගිල්ලේ සැලසුම අනුමත කර නැති නිසා මෙය ඉදි නොකරන ලෙසට .ප්‍රාදේශීය සභාවේ ලේකම් දන්වා ඇත.අදාල ප්‍රදේශයේ කිසිදු රජයේ ගොඩනැගිලි ඉදිකිරීමක දී අවශ්‍ය නොවූ “බ්ලූ ප්‍රින්ට් එකක්” මේ ගොඩනැගිල්ලට විතරක් ඉල්ලා ඇත්තේද ප්‍රදේශීය සභා ලේකම් ය.ඊට යන වියදම ඇස්තමේන්තුවේ වෙන්කර නොතිබුණු නිසා අහිංසක වැඩිහිටියන් එකතු කළ මුදලින් වියදම දරා ඒ අවශ්‍යතාව ද ඉටුකර දී ඇත.මේ ගැන ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට මේවා සිදුකරන්නට වෙන්නේ අදාල දේශපාලකයාගේ බලපැම නිසා බවට පිළිතුරු ද ලැබී ඇත. ඒ පිළිබඳව ද කරුණු දක්වා තත්වය කලමනාකරණය කරගත් බව දැන ගන්නට ඇත.ඒ සමගම අදාල ඉඩමෙන් පර්චස් පහක බිම් කොටසක් ජල සම්පාදන මණ්ඩලයට ඉල්ලා එහි ප්‍රාදේශීය නිලධාරින් විසින් ඉල්ලීම් කර ඇත.ඒ සඳහා නියමිත ව්‍යවස්ථාපිත ඉල්ලීමක් කරන ලෙසටත් පර්චස් 112ක් වන මේ ඉඩමෙන් පර්චස් පහක් ජලසම්පාදන මණ්ඩලයට ලබාදිය හැකි බවටත් ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය ජල සම්පාදන මණ්ඩලයට පිළිතුරක් යොමු කර ඇත.ඊළඟට බලපෑම කෙරුණේ ජාතික තලයේ ඉහලම බල ව්‍යුහයක් හරහා ය.එතනට ඉදිරිපත්ව තිබුණේ විධිමත්ව මැන වෙන් නොකළ ඉඩමක වැඩිහිටි මධ්‍යස්ථානය ඉදිකිරීම නිසා ජල ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම අහිමි වන බවට වන පැමිණිල්ලකි.එතනින් ලද විමසුමට රජයේ ඉඩමක කොටසක රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වෙනම මැන වෙන් කිරීමේ සැලැස්මක් අවශ්‍ය නොවන බවට නිවැරදි කරුණු පැහැදිලි කිරීම ද සිදුවූ නිසා ඒ බලපෑම ද නිශේධනය වී ඇත. මේ අතර වැඩිහිටි නිවාසය ඉදිකිරීම හාර කළ කොන්ත්‍රාත්කරු උප කොන්ත්‍රාත්කරුවෙකු මගින් ඉදිකිරීම් කටයුතු කරමින් තිබුණි.එම කොන්ත්‍රාත්කරුට බලපෑම් කර එම ඉදි කිරීම නතර කළා පමණක් නොව එතෙක් ඉදි කර තිබූ කොටස කඩා දැමීමට ද කොන්ත්‍රාත්කරු සූදානම් විය.වහා මැදිහත්වූ ප්‍රාදේශීය ලේකම් වරිය ගිවිසුම උල්ලංඝනය කර උප කොන්ත්‍රාත් දීම මත කොන්ත්‍රාත්තුව අවලංගු කර ඊළඟ කොන්ත්‍රාත්කරුට කාර්ය භාර දී ඇත.

ප්‍රාදේශීය ලේකම් වරිය රාජකාරියේ සිටීම විමර්ශනයට බාධාවක් වන බවට වූ නිගමනයක් හදා ගැනීමට ඉඩ නිර්මාණය කර වහාම රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය පරිපාලන සංචිතයට හෙවත් පූල් එකට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය සේවා කොමිසම මේ ස්ථාන මාරුවට ආවරණ අනුමැතිය දුන්නේ නම් මේ කතාව එතනින්ම අවසන් වේ.ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය කොහේ හෝ අමාත්‍යංශයක හෝ පලාත් සභාවකට කොටුකර දැමෙනු ඇත. අනපේක්ෂිත කරුණ වුණේ ඊට රාජ්‍ය සේවා කොමිසම ආවරණ අනුමැතිය දීම ප්‍රතික්ෂේප කිරීමයි.

ඒ අතරතුර පෞද්ගලික ඉඩමක් වන්දි ගෙවා රජයට නීත්‍යනුකූලව අත්පත් කරගෙන රජයේ වියදමෙන්ම ඉදි කර පවත්වාගෙන ගිය සංස්කෘතික මධ්‍යස්ථානයක් පෞද්ගලික පාර්ශවයක් විසින් අනවසරයෙන් අල්ලාගෙන බදු දී මුදල් උපයමින් සිටීමේ සිද්ධියක් වාර්තා වී තිබීම මත ප්‍රාදේශීය ලේකම් වරිය විසින් එකී මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වී භුක්තිය ග්‍රාම නිලධාරිට භාර දෙන ලෙසට ව්‍යවස්ථාපිත දැන්වීමක් අදාල අනවසර කරු නමින් නිකුත් කර අදාල මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරවීමට ක්‍රියා කර ඇත.මේ දැන්වීම දේශපාලන බලවතා නමට නිකුත් වූයේ අනවසර අල්ලා ගැනීම පිළිබඳ වාර්තාවේ අනවසර කරුගේ නම ලෙස දේශපාලකයගේ නම සටහන්ව තිබීම නිසා ය. මේ අස්කිරීමේ දැන්වීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ දේශපලකයා අන්ද මන්ද පත්කරවමිනි.මේ සිද්ධිය දේශපාලකයා තේරුම් ගන්නට ඇත්තේ ප්‍රාදේශීය ලේකම් වරිය විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නතර කිරීමට තමන් ඇටවූ සියලු උගුල් නිකරුනේ ගැස්සී යාමත් සමඟ තමාව ගැලවෙන්නට බැරි උගුලක හිර කිරීමට ප්‍රාදේශීය ලේකම් වරිය විසින් කරන ලද ක්‍රියාවක් ලෙස ය.අනවසර වාර්තා මගින් තමා වෙත වාර්තා වන රජයේ ඉඩම් අනවසර අල්ලා ගැනීම අරබයා අස්කිරීමේ දැන්වීම් යැවීමත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමත් ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ රාජකාරි වගකීම් බව බොහෝ දේශපාලකයින් සහ ඒ අයට සට්ටඹි වැඩ කරන නිලධාරීහු පිළිනොගනිති. ඔවුන් සිතන්නේ එබඳු බලතල පාවිච්ච් කළ යුත්තේ ප්‍රදේශයේ දේශපාලන බලය ඇති කෙරුමන්ගේ සිත් තුටු පහටු කිරීමට කියා ය. ඒ අතර ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට එරෙහිව කොන්ත්‍රාත් කරු පැමිණිල්ලක් ඉහලට ඉදිරිපත් කොට තිබිණ.එකී පැමිණිල්ලට අදාලව විමර්ශනයක් කිරීමට යම්‍ යම් වාර්තා ප්‍රාදේශීය ලේකම් වරිය වෙතින් ඉල්ලා එවන ලෙස දිසාපතිවරයාට දැනුම් දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන තිබිණ.දිසාපතිවරයා ද ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය රාජකාරි නිවාඩු ලබා සිටි දිනක එකී වාර්තා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් එදිනම සපයන ලෙස ඉල්ලා ඇති අතර ඒවා සැපයුවේ නැති බව එදිනම කොළඹට වාර්තා කිරීමට ද කාර්‍යක්ෂම දිසාපතිවරයා ක්‍රියා කර ඇත.ඒ අනුව ප්‍රාදේශීය ලේකම් වරිය රාජකාරියේ සිටීම විමර්ශනයට බාධාවක් වන බවට වූ නිගමනයක් හදා ගැනීමට ඉඩ නිර්මාණය කර වහාම රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය පරිපාලන සංචිතයට හෙවත් පූල් එකට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය සේවා කොමිසම මේ ස්ථාන මාරුවට ආවරණ අනුමැතිය දුන්නේ නම් මේ කතාව එතනින්ම අවසන් වේ.ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය කොහේ හෝ අමාත්‍යංශයක හෝ පලාත් සභාවකට කොටුකර දැමෙනු ඇත. අනපේක්ෂිත කරුණ වුණේ ඊට රාජ්‍ය සේවා කොමිසම ආවරණ අනුමැතිය දීම ප්‍රතික්ෂේප කිරීමයි.ඉන්පසු ඒ තීරණය යළි සලකා බැලීමේ ඉල්ලීමක්,හෙවත් හෙට්ටු කිරීමටත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කළ බවට ආත්මා දිලුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම් වරිය ට එරෙහිව එම දේශපාලනඥයා කතානායක වරයා කල පැමිණිලි පිටපත්.ඔහු වන්දි ඉල්ලා ප්‍රාදේශීය ලේකම් වරියට යැවූ එන්තරවාසියක පිටපත් ද අනුපාන වශයෙන් සැපයීමටත් බලධාරීන් කටයුතු කොට ඇති අන්දම අපූරු ය.එහෙත් රාජ්‍ය සේවා කොමිසම දෙවන වරටත් සිය තීරණය වෙනස් කොට නැත.

සාමාන්‍ය වහරට අනුව පිහිනුම් තටාකයට ද ” පූල් එක “කියති ඒ අරුතින් බලන විට ආත්මා දිලුක්ෂි ජයරත්න පූල් එකට ඇද දමා එම දඩ බලු කාර්ය කල නිලධාරීන්ට ” ඇදගෙන නෑමට” සිදු වනු ඇත.ඒ අනුව හෙට අනිද්දාට ආත්මා දිලුක්ෂි ජයරත්න අවවාද අනුශාසනා කිරීමට ඔහුන් සද් ගුණවත් උපාසක වෙස් ගනු ඇත.ඇයට සතුටෙන් රාජකාරි කළ හැකි ස්ථාන සපයා දීමට ඒ උපාසකයින් නොමසුරුවම ඉදිරිපත් වනු ඇත.

ප්‍රදේශය තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්නට ඔවුන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති නම් අංතට්ටුවක් පලඳවා වාහනයක් ද කාර්ය මණ්ඩලයක් ද ලබාදී රජයේ මුදලින් කෙරෙන සියලු සංවර්ධන වැඩ කරන ස්ථානය කොන්ත්‍රාත්කරු කවුද? යන සියල්ල තීරණය කිරීමට ද ඉඩ හරියි.මේ අංතට්ටුව පැළඳ ඉන්න එවුන් කියන ඒවා නොකරන නිලධාරීන්ට මාරුකිරීමට ඇතැම් රාජකාරීමය පුරුෂ ශක්තිය හීන අමාත්‍යංශ ලේකම්වරු සැදී පැහැදී සිටින්නෝය.නිලධාරීන්ව දමනය කිරීමට දේශපාලකයින්ට උඩගෙඩි දෙන්නේ ඔය සට්ටඹි ඉහල නිලධාරීන්‍ම ය.රටේ නිවැරදි නීතිගරුක පාලනයක් සහතික කිරීමට නම් මේ දේශපාලකයින්ට ඕනා දේ කරන නිලධාරීන් නොව නීතියට අනුව රාජකාරි කරන නිලධාරීන් දිරිමත් කළ යුතුව ඇත.

මහනුවර,උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අනීතිකව ඉවත් කර පලිගැනීමක් වශයෙන් “පූල් එකට” ඇදමීමට ගත් තීරණය ඔවුන්ටම ඇලජික් වී ඇත්තේ ඒ අනුව ය.සාමාන්‍ය වහරට අනුව පිහිනුම් තටාකයට ද ” පූල් එක “කියති ඒ අරුතින් බලන විට ආත්මා දිලුක්ෂි ජයරත්න පූල් එකට ඇද දමා එම දඩ බලු කාර්ය කල නිලධාරීන්ට ” ඇදගෙන නෑමට” සිදු වනු ඇත.ඒ අනුව හෙට අනිද්දාට ආත්මා දිලුක්ෂි ජයරත්න අවවාද අනුශාසනා කිරීමට ඔහුන් සද් ගුණවත් උපාසක වෙස් ගනු ඇත.ඇයට සතුටෙන් රාජකාරි කළ හැකි ස්ථාන සපයා දීමට ඒ උපාසකයින් නොමසුරුවම ඉදිරිපත් වනු ඇත. ඇය නිල නිවාස සොයා දීමටත් පොරොන්දු වනු ඇත.තව නොයෙක් පොරොන්දු දෙමින් ඇය යළි උඩ පලාතට නොයැවීමෙන් අර දේශපාලකයාට සහනයක් අත්කරදීමටත් ඔවුන් උත්සාහ දරනු ඇත.සාමාන්‍යයෙන් ගොරවාගෙන දත් විලිස්සාගෙන කන්න කඩා පනින බල්ලන්ට පස්ස පැත්තට හොඳ පාපහරක් වැදුණාම නගුට පස්සා පැත්තේ ගසාගෙන කකුල් ලෙවකන්නට පටන්ගන්නා බව අපේ අත්දැකීම ය.

උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට මේ සියල්ලට මුහුණ දෙන්නට වුණේ ප්‍රාදේශීය ලේකම් ධුරයට අයත්‍ රාජකාරි නිවැරදිව ඉටුකිරීමට යාම නිසා ය .මේ රටේ මහජන ඡන්දයෙන් බලයට පත්වන බොහෝ දේශපාලකයින් හිතාගෙන ඉන්නේ ජන වරම යනු ඇලඩින් ගේ පුදුම පහනක් කියා ය. රාජ්‍ය පාලනය පවා සිදුවිය යුත්තේ තමන්ට ඕනෑ විදියට කියා ය. විවිධ නිලතලවලට පවරා ඇති නෛතික බලතල ස්වාධීනව ක්‍රියත්මක නොකර තමන් අනුමැතිය දෙන ඒවා පමණක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුහු සිතා සිටිති.ප්‍රදේශය තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්නට ඔවුන්ට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති නම් අංතට්ටුවක් පලඳවා වාහනයක් ද කාර්ය මණ්ඩලයක් ද ලබාදී රජයේ මුදලින් කෙරෙන සියලු සංවර්ධන වැඩ කරන ස්ථානය කොන්ත්‍රාත්කරු කවුද? යන සියල්ල තීරණය කිරීමට ද ඉඩ හරියි.මේ අංතට්ටුව පැළඳ ඉන්න එවුන් කියන ඒවා නොකරන නිලධාරීන්ට මාරුකිරීමට ඇතැම් රාජකාරීමය පුරුෂ ශක්තිය හීන අමාත්‍යංශ ලේකම්වරු සැදී පැහැදී සිටින්නෝය.නිලධාරීන්ව දමනය කිරීමට දේශපාලකයින්ට උඩගෙඩි දෙන්නේ ඔය සට්ටඹි ඉහල නිලධාරීන්‍ම ය.රටේ නිවැරදි නීතිගරුක පාලනයක් සහතික කිරීමට නම් මේ දේශපාලකයින්ට ඕනා දේ කරන නිලධාරීන් නොව නීතියට අනුව රාජකාරි කරන නිලධාරීන් දිරිමත් කළ යුතුව ඇත. ඉහළ නිලධාරීන් වැඩි දෙනෙක් පහල නිලධාරී නම් කඩල ඇට ප්‍රෙෂර් කුකර් එකේ දමා තම්බා දේශපාලකයට හපන්න පුලුවන් ගාණට තම්බා දෙති. කඩල අහුර කටට දමා හපන දේශපාලකයාගේ දත කැඩෙන්නේ ප්‍රෙෂර් කුකර් එකේදීවත් තැම්බෙන්නේ නැති කඩල ඇට හැපුණු විට ය.ඊට පසු ඔවුහු කට අත ගගා කඩල තැම්බූ එකාට අම්මා මෝ නැතිව බැන වදිති.
මහනුවර,උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නත් ඉහල නිලධාරීන්ගේ ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන්නේ නැති කඩල ඇටයකි.අන්න ඒ ජාතියේ කඩල ඇට එකතු කර ආරක්ෂා කර පැළ කර චෞර දේශපාලකයින්ට හපා විනාශ කිරීමට බැරි කඩල බෝ කර ගැනීම අප කාගේත් යුගයේ කාර්ය භාරය විය යුතුය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර