උත්සව සමයේ ගෑස් හිඟයක් නෑ

ඉදිරි උත්සව සමයේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලිට්රෝ සමාගම අවධාරණය කරනුයේ එවැනි ගෑස් හිඟයක් සඳහා කිසිදු ඉඩක් නැති බවකි. අයදුම්කළ ගෑස් තොග දිවයිනට ළගාවීම පමා වීම හේතුවෙන් පසුගිය කාලයේ වෙළෙඳපලට ගෑස් සැපයීම සීමා කිරිමට සිදු වුව ද ඇනවුම් කළ ගෑස් තොග මේ වනවිට දිවයිනට ළගා වී බව සමාගම සඳහන් කරයි ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපලට නිකුත් කරන බව ලිට්රෝ සමාගම පවසයි.

කාලීන පුවත්