උමා ඔය ආශ්‍රිත භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් කතා බොරු

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත කිසිදු නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වර්ෂාපතනය සමඟ ස්වාභාවිකව ඇති වන දිය සීරාවන් පෙන්වමින් ඒවා භූමියේ ඉරිතැලීම් මත හටගන්නා ජල ගැලීම් බව පවසා ජනතාව නොමඟ යැවීමට ඇතැම් පිරිස් උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසයි.උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි කට කතා පවතින ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් අද (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාලීන පුවත්