උසස් පෙළ ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි.

අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විභාගය මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

කාලීන පුවත්