එළවළු මිල ගණන් යළි ඉහළට

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියත්  අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වෙයි.

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මේ වන විට එළවළු මිල ගණන් 200% කින් ඉහළට ගොස් ඇති බවයි.

මේ අනුව,අද හෙට එලවලු භාවිතා නොකර ඉන්නැයි පාරිභෝගික ජනතාවගෙන් අසේල සම්පත් මහතා ඉල්ලීමක් කරයි.

අද දිනයේ සටහන් වූ එළවළු වර්ග කිහිපයක මිල ගණන් පහතින් දැක්වේ.

  •  කැරට් 450
  •  ලූනු කොල රු 500
  •  ලීස් රු 350
  •  බෝංචි රු 430
  •  තක්කාලි රු 300
  •  වම්බටු රු 400

මේ අතර අද දිනයේ කුකුල් මස් මිල ගණන් ද ඉහළ නැග ඇති බවයි වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්‍රෑමයක නාගරික සිල්ලර මිල රු 1400යේ සීමාවට පැමිණ ඇත.

කාලීන පුවත්