තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සහ ඩුබායි හි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී තීරුබදු රහිතව ගෙන එන ලද දුම්වැටි, විදේශීය මත්පැන්, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ඇතුළු පරිගණක උපාංග රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

කාලීන පුවත්