නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (General`s house ) බංගලාව මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ වෙන්කර ගත හැකි කාමර ගණන 19කි.මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක් දින තුනක කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන් මෙම බංගලාවේ නවාතැන් නොගෙන එහි කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන් කරවා දෙන බවට පාර්ලිමේන්තු නිලධාරීහු චෝදනා කරති.සෙන්පති නිවෙස බංගලාවේ සියලු කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසිනි.

කාලීන පුවත්