කලහකාරී බලපෑම් ඇති පිරවුම් හල් වලට ඉන්ධන නැහැ

ඇතැම් පිරිස් විසින් සිදුකරන කලහකාරී බලපෑම් හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවක් වී ඇති බැවින් යම් යම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මාර්ග අවහිර කිරීමේ යෙදී සිටින පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් නොකිරීමට විෂය භාර ඇමති ඇමති කංචන විජේසේකර මහතා තීරණය කොට තිබේ. ඛණිජ තෙල් යනු ඉතා ක්‍ෂණිකව ගිනිගෙන විශාල ව්‍යසනයක් ඇති කිරීමට හේතුවන ද්‍රව්‍යයක් බැවින් ඉන්ධන බවුසර් රථ ප්‍රවාහනයට බාධා කිරීම බරපතල අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැකි බව ද ඇමති වරයා දන්වා සිටියි. එනිසා එවැනි ක්‍රියාවන්ගෙන් වැළකි ඛණිජ තෙල් සංස්ථාවට ලැබි ඇති ඉන්ධන ප්‍රමාණයවත් බෙදා හැරීමට සහාය ලබා දෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

කාලීන පුවත්