කාලගුණයෙන් ධීවරයින්ට නිවේදනයක්

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින්  සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ උතුරු අක්ෂාංශ 07 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් පමණ වන අතර එය පැයට කිලෝ මීටර් 75 ත් 80 ත් දක්වා වැඩිවිය හැකියි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද දන්වා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්