කැලණිවැලියේ “යකඩ යකා”ට වේගයෙන් යන්න පුළුවන් ද?

කැලණිවැලි මාර්ගය ශීඝ්‍රගාමී දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල නගරයේ පැවති උත්සවයකට එක් වෙමිනි.සීතාවක පුරය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයට ද එය ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.නමුදු අතීතයේ අඩි දෙක හමාරක් පළල පටු ආමාන දුම්රිය ධාවනය සඳහා කවාකාර ස්වරූපයන් එක් කොට තැනූ මෙම දුම්රිය මාර්ගයේ සෙසු දුම් රිය මාගර් වල වේගයට දුම්රිය ධාවනය කළ නොහැකි බවත් එසේ නම් කැලණිවැලි දුම්රිය මාර්ගය එම කවාකාර ස්වරූපයන් මඟ හරවා අලුතින් සකස් කළ යුතු බවත් අදාල ක්ෂේත්‍ර වල විද්වතුන් මීට පෙර පෙන්වා දී තිබේ.

කාලීන පුවත්