කිරි පිටි ගන්න රජය ඩොලර් නොදුන් නිසා කිරි පිටි වෙන රටකට දෙන්න වේවි

මේ වන විට වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කර ගැනීම සඳහා රජය කියා සිටි අන්දමට මේ දක්වාත් වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට යැවීමට විදේශ කිරිපිටි නිෂ්පාදන සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
මෙම තත්වය යටතේ කිරිපිටි තොගය නරක් වීමේ අවදානමක් ඇති බැවින් ආසන්නතම රටකට ඒවා ලබාදීම මත රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරයි.
අදාල ඩොලර් ලැබීම සම්බන්ධයෙන් අද පස්වරුවේ වාණිජ බැංකු සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා මෙය ඉතා කනගාටුදායක තත්වයක් යැයි ද කීය

කාලීන පුවත්