“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නිකුත් කර තිබෙන “ මා ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය” නම් කෘතිය පීඩීඑෆ් පිටපත් වශයෙන් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හා එහි කරුණු බාහිර පුද්ගලයන් විසින් විකෘති කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලා අධිකරණය හමුවට යාමට ඒ මහතා සූදානම්ව සිටී.මෙම ලියවිල්ල අතිශය විශ්වාසවන්ත පුද්ගලයන් කිහිප දෙනෙකු ලවා විශ්වාසවන්තම මුද්‍රණාලයකින් මුද්‍රණය කරවා ගත් බවත් මේ වන විට එය විවිධ අයුරින් අවභාවිතා වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.නමුත් ඔහු ගේ සමීපතමයන්ගේ මතය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනු විනා එවැනි අධිකරණමය හෝ වෙනත් නීති කටයුතු කෙරෙහි යොමුවීම අනවශ්‍ය බව ය. මේ වනවිටත් එම කෘතියේ දෙවෙනි මුද්‍රණයත් සූදානම් කර ඇති අතර එහි ප්‍රමිතිගත පිටපත් පමණක් කියැවීමට පාඨකයන් පොළඹවන ලෙසට ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් ඔහුට උපදෙස් දී තිබේ.

කාලීන පුවත්