කෙරවලපිටිය – නුගපේ විදුලි රැහැන් ඉදිකිරීමට තිබූ බාධා ඉවතට

කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාව පළ වී තිබේ.

ඒ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී මුතුරාජවෙල තෙත් බිමට ඉහළින් ඉදිකෙරෙන කෙරවලපිටිය – නුගපේ කිලෝවොට් 33,000 ක විදුලි රැහැන සඳහා පාරිසරික අවසරය ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව අදාළ පාර්ශ්ව සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙම කමිටුවේදී සිදු කළ සාකච්ඡාව අනුව අදාළ සියලු පාර්ශ්වවල එකඟතාවයකට පැමිණීමට හැකි වූ අතර ඒ අනුව පැවති බාධාවන් ඉවත් කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

කාලීන පුවත්