කොටි පැටවකුගේ සිරුරක් හමුවෙයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටි පැටවකුගේ සිරුරක් ඊයේ (27) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීහු පවසති.තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කළ දැනුම් දිමක් මත වතු කම්කරුවන් තේ වත්තේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අභිරහස් ලෙස මියගොස් සිටි කදුකර කොටි පැටවාගේ සිරුර සොයාගත් බව පැවසෙයි.කොටින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් කොටි පැටව මිය යන්නට ඇති බවට අනුමාන කෙරේ. සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජීවි නිලධාරීහු කියති.

කාලීන පුවත්