ග්‍රහකයක් අද පොළොව “ළඟින්ම” යයි

මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්‍රහකයක් අද(28) පෘථිවිය පසු කර යාමට නියමිතය. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන 3.3ක දුරකින් පෘථිවිය පසු කර යනු ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.අභ්‍යවකාශ විද්‍යාව අනුව එය අඩු දුර ප්‍රමාණයක් වුවත් ඉන් පෘථිවියට කිසිඳු තර්ජනයක් එල්ල නොවන බව නාසා ආයතනය අවධාරණය කරයි. එය ශබ්දයේ වේගය මෙන් 34 ගුණයක වේගයකි.අද (28) ශ්‍රී ජයවර්ධනපුර වේලාවෙන් ප.ව. 1:30ට එය පෘථිවියට සමීපතම පිහිටුමට පැමිණීමට නියමිතය. ඒ පැයට කිලෝමීටර 39,600ක වේගයකිනි.මෙම ග්‍රහකය මුල් වතාවට හඳුනාගනු ලැබූ 2013 වසරේ දීය. 2018 වසරේ දී ද එය පෘථිවියට සමීපයෙන් ගමන් කළ මුත් මෙවර තරම් සමීපයෙන් නොවීම විශේෂත්වයකි. තවත් වසර පහකින් එනම් 2028 මෙම ග්‍රහකය නැවත ග්‍රහකය පෘථිවිය සමීපයෙන් ගමන් කරන මුත් ඒ මෙතරම් සමීපයෙන් නොවන බව නාසා ආයතනය සඳහන් කරයි.

කාලීන පුවත්