කොළඹ යාපනය අතර සැප කෝච්චියක්

කොළඹ යාපනය අතර සුඛෝපභෝගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විත වේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් සහ යාපනයෙන් පිටත්වන දුම්රිය පසුදා අළුයම 6 ට යාපනයට සහ කොළඹට ළගා වන බව ය.මෙම දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 4000 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්